සමාජ මාධ්‍ය හමුවේ තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කළ ජාතික ජන බලවේගයට සහාය දක්වන අදිටන විශ්‍රාමික හමුදා සාමාජික එකමුතුව නම් සංවිධානයේ සාමාජිකයෙකුට විරුද්ධව අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී. දොළවත්ත විසිනුයි මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ.
ජාතික ජන බලවේගයට සහාය දක්වන අදිටන විශ්‍රාමික හමුදා සාමාජික එකමුතුව නම් සංවිධානයක් පැවැත්වූ දේශපාලන රැස්වීමක් අවසානයේ ‘මාලිමාව’ ලාංඡනය සහිත ටී ෂර්ට් ඇඳ “අපි ජාතික ජන බලවේගයේ සාමාජිකයෝ. අපි බලයට ආවම සමගි ජන බලවේගයේ, එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලු දෙනාට පහර දෙනවා.” යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර, එම ප්‍රකාශය සමාජ මාධ්‍යයට මුදා හැරීම ප්‍රචණ්ඩත්වය මුදා හැරීමක් බව පාර්ලිමන්තු මන්ත්‍රිවරයා සඳහන් කළා.
මෙවැනි ප්‍රකාශ තුළින් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හරහා රට ලේ විලක් බවට පත්වීමේ අවදානමක් පෙන්නුම් කරන හෙයින් ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.