හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට පෙර සැකකරුවෙකුක් ලෙස නම් කළ ඔහුට විදෙස් ගත වීම වළකාලමින් අධිකරණය විසින් තහනම් නියෝග දෙකක් නිකුත් කර තිබුණා.
ඒ අදාළ නඩුව මෝසමක් මගින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය හමුවේ යළි කැඳවූ අවස්තාවේදී.
උද්දිකගේ වාහනයට වෙඩි තැබීම ඔහු විසින්ම සැලසුම්සහගතව කර ගන්නා ලද්දක් බව මූලිකව තහවුරු වී ඇති බව.ත් එය සහකාර පොලිස් අධිකාරීවරයෙකු සමග එක්ව සැලසුම් කර තිබූ බවත් පොලිසිය විසින් ජූනි 13 වන දා අනාවරණය කළා.