චීන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 10 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව තුළ චී ජාතිකයන් ඇතුළු විදේශීය ජාතිකයන් සම්බන්ධ වී සිදු කරන අන්තර්ජාල මූල්‍ය වංචාවලට අදාළ විමර්ශනවලට සහය දීම සඳහා.
අදාළ විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් චීන විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන් සහය ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම චීන නිලධාරීණ් පිරිස පැමිණ තිබෙනවා.
පසුගිය දිනවල දිවයින පුරා විවිධ ප්‍රදේශවල අන්තර්ජාල මූල්‍ය වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් රැසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණත් සැකකරුවන්ගේ ලැප්ටොප් සහ ජංගම දුරකථනවල දත්ත චීන භාෂාවෙන් තිබීම නිසා මෙරට විමර්ශන ආයතනවලට ඉදිරියට යෑමට නොහැකිව පරීක්ෂණ අඩාල වී තිබෙනවා.
මෙම ගැටලුව විසඳීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා පොලිසිය චීන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සහාය ඉල්ලා ඇති අතර ඔවුන් විසින් පරීක්ෂණ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කළා.