මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී චීනය විසින් පැසසුමට ලක් කර තිබෙනවා.
සාක්ෂි එකතු කිරීම සහ වගවීමේ යාන්ත්‍රණයක් ඉල්ලා සිටීම පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ චීන නියෝජිතවරිය විවේචනය කළේ ශ්‍රී ලංකාවේ උත්සාහයන් සහ ජයග්‍රහණ එමගින් නොසළකා හරින බවට තර්ක කරමින්.
ශ්‍රී ලංකාව විසින් සත්‍ය හා ප්‍රතිසන්ධාන කමිටුව පිහිටුවීම, මානව හිමිකම් යාන්ත්‍රණ සමඟ සහයෝගිතාව, ත්‍රස්ත විරෝධී ක්‍රියාමාර්ග, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම, ආර්ථික ප්‍රතිසාධන මුලපිරීම් සහ ජීවන තත්වයන් වැඩිදියුණු කිරීම් එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත කාර්යාලයේ ඇමැති උපදේශක Li Xiaomei ඉස්මතු කළා.
“මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය චීනය අගය කරනවා.” යනුවෙන් ඇය ප්‍රකාශ කළා.