චීනය හා රුසියාව ඇලස්කාව ආශ්‍රිත ප්‍රදේශයේ ඒකාබද්ධ නිරීක්ෂණ මෙහෙයුම සිදුකර තිබෙනවා.
ඇලෙස්කාවට ආසන්න උතුරු පැසිපික් හා බේරීන්ග් මුහුදු කලාපයේයි මෙම නිරීක්ෂණ මෙහෙයුම සිදුකර ඇත්තේ. චීනය හා රුසියාව මීට පෙර ද කිහිපවරක් ඒකාබද්ධ නිරීක්ෂණ මෙහෙයුම් සිදුකර තිබෙනවා.
කෙසේ වුව ද උතුරු පැසිපික් කලාපයේ මීට පෙර චීනය හා රුසියාව එක්ව ඒකාබද්ධ නිරීක්ෂණ මෙහෙයුම් සිදුකර තිබුණේ නැහැ.
කිසිදු තෙවන පාර්ශවයක් ඉලක්ක කර ගනිමින් මෙම නිරීක්ෂණ මෙහෙයුම සිදුනොකරන බවයි චීනය සහ ඇමෙරිකාව නිවේදනය කරන්නේ.
එමෙන්ම මෙම නිරීක්ෂණ මෙහෙයුම වර්තමාන ජාත්‍යන්තර හා කලාපීය තත්ත්වයන් මත පදනම්ව සිදුකරන ලද්දක් නොවන බව ද චීනය නිවේදනය කරනවා.