Sun. Jun 29th, 2025

සිරිසේන දියණියගේ- ජාවාරමකට සැක ආරක්ෂකයා අල්ලන්න සීඅයිඩීයට බැරි වෙලා!

Jan10,2025 #news #police
Chathurika Sirisena's bodyguard wanted for fraud

විදේශ රටවලින් ආනයනය කරන නිෂ්කාශණය නොකරන ලද සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා එවැනි රථයක් ලබා දීමට හැකි බව කියා රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (09) දිග හැරුණා.

සැකකරුවෙක් අල්ලලා නෑ!

මෙම සිදුවීම පිටුපස සිටින්නේ තමාගේ සේවාදායකයා නොව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන දියණිය චතුරිකා සිරිසේනගේ ආරක්ෂක නිලධාරියෙකු බව දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවකුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා.

තමාගේ සේවාදායකයාට එරෙහිව නඩු පවරා ඇතත් සැබැවින්ම මේ සිදුවීම පසුපස සිටින උක්ත සැකකරු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමර්ථ වී ඇති බවයි නීතිඥ හරිස්ක සමරනායක වැඩිදුරටත් කියා සිටියේ.

ඡායාරූප 8ක කතාවක් –

තම සේවාදායකයා වන ගුණසිරිලාල් එම ආරක්ෂක නිලධාරියාගේ හිතවතෙක් පමණක් බවත් ඔහු ලබා දුන් ඡායාරූප 8ක් වැලිමඩ අයෙකුට යැවීම පමණක් කළ බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බවයි. එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි කියා සිටියේ තවත් සැකකරුවන් සිටී නම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *