Sat. Jun 28th, 2025

චමරි T 20 පිටියේ තෙවැනි ශතකයත් ගනියි

Jul22,2024

2024 කාන්තා ආසියානු ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මැලේසියා කාන්තා කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 184ක් රැස් කර ගැනීමට සමත් වුණා.

එහිදී චමරි අතපත්තු ලකුණු 119ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 31ක් රැස් කළා.

මේ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මැලේසියාවට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර එය ඇයගේ තෙවැනි T 20 ශතකය වෙනවා.

චමරි අතපත්තු පන්දුවාර 20 අවසානයේ දී නොදැවී පන්දු 65ක දී ලකුණු 119ක් ලබා සිටියේය. ඊට දැවැන්ත හයේ පහර 07ක් සහ හතරේ පහර 14ක් ඇතුළත් .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *