Sat. Jun 28th, 2025

ජනපති අනුරට උතුරෙන් සහතිකයක්

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගය සමග එක්ව වැඩකිරීමට සූදානමින් සිටින බව උතුරේ දේශපාලන නායකයෙක් තමාට තහවුරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

තලවතුගොඩ ප්‍රදේශයේ ඊයේ (13) පැවති ජාතික ජන බලවේගයේ අපේක්ෂක හමුවකදී ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළා.

එහිදී ඔහු මෙසේ ප්‍රකාශ කළා.

“අපි මේ ගමන් කරමින් තිබෙන්නේ ශක්තිමත් දේශපාලන බලයක් අත්පත් කරගැනීම සඳහා සංක්‍රාන්ති අවධියක.  සමහර තීන්දු තීරණ සමහර ක්‍රියාකාරිත්වයන් සඳහා මීට වඩා ප්‍රබල දේශපාලන බලයක් අපට අවශ්‍යයි. 

2010දී මහින්ද රාජපක්ෂයට පාර්ලිමේන්තුවෙන් 2/3 බලයක් ලැබුණා. ඉන් අවුරුදු 5කට පසුව ඔවුන් පරාජයට පත්වුණා. 2020දී ගොඨාභය රාපක්ෂයට 2/3ක බලයක් ලැබුණා. හැබැයි අවුරුදු දෙක හමාරේදි පාර්ලිමේන්තුවේ 2/3 බලය සීසීකඩ ගියා. ජනාධිපතිවරයාට ගෙදර යන්න වුණා. ඒ නිසා ශක්තිමත් බලය කියලා කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ නිර්මාණය වන ඔළුගෙඩි ප්‍රමාණය පමණක් නෙමෙයි.   

උතුරේ ප්‍රධාන දේශපාලන නායකයෙක් අපට මුණගැහුණා.  ඔහු කිව්වා එළැඹෙන මහ මැතිවරණයෙන් පසුව ඔහුගේ කණ්ඩායම ජාතික ජන බලවේගය සමග වැඩකරන්න කැමතියි කියලා. ඒ වගේම ඔවුන් අපිත් එක්ක වැඩකරන්නේ නැත්නම් උතුරේ ජනතාව අපිත් එක්ක වැඩකරන්න සූදානම් වෙලා අවසන් කියලා කිව්වා”.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *