අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මීරිගම මිනීඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේදී මකුළෑවේ විමල රාමඤ්ඤ නිකායේ මහනායක හිමි බැහැදැකීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන්ට බාධා එල්ල කර තිබෙනවා.
අගමැතිවරිය එහි පැමිණීමට පෙර සිටම ආරක්ෂකයින් කියාගන්නා පිරිසකගෙන් රාජ්‍ය මාධ්‍ය ඇතුළු වෙනත් මාධ්‍ය නියෝජනය කරමින් එහි ආ පිරිසට බාධා එල්ල කර තිබෙනවා.
අගමැතිනිය නාහිමියන්ට පිරිකර පූජා කරන අවස්ථාවද රූගත කිරීම ආරක්ෂක අංශ විසින් වළකා තිබෙනවා. ඇතැම් මාධ්‍යවේදීන් නොමනා ලෙසින් ඉවතට ඇදගෙන ගිය බවද වාර්තා වුණා.
අග්‍රාමාත්‍යවරිය පන්සලට සුදුසු නොවන ඇඳුමකින් සැරසී ගිය නිසාවෙන් මෙසේ රූගත කිරීමට බාධා කළා දැයි විපක්ෂයේ දේශපාලකයෙකු ප්‍රශ්න කළා.
කෙසේ වෙතත්, ජනතාවාදී යැ යි කියාගන්න රජයක් පත් ව ඉතා සුළු කලකදී මාධ්‍යවේදීන්ට මෙසේ සැලකීම මාධ්‍යවේදීන් ලෙස අප හෙළා දකින බව සටහන් කරමු.