උණවටුන මුහුදු තීරයේදී මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ගැනීමට තැත් කිරීම සහ සංචාරක අවන්හලකින් බියර් කෑන් 8ක් කොල්ලකෑම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රියදුරු කොස්තාපල්වරයෙකු සහ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව හබරාදූව පොලිසිය පවසනවා.
මැණික් ව්‍යාපාරිකයාට තම පොලිස් හැඳුනුම්පත පෙන්වා ඔහුගේ රියදුරු බලපත්‍රය පරීක්ෂා කළ සැකකරු පසුව ව්‍යාපාරිකයාගෙන් මුදල් ඉල්ලා තිබෙනවා.
පසුව උණවටුන, යද්දෙහිමුල්ල අවන්හලක රාත්‍රී 12 ට පමණ අවන්හල වසා තිබියදී මුරකරු බිය ගන්වා එහි තිබූ බියර් කෑන් 8ක් පැහැරගෙන පලාගොස් ඇති අතර ලැබුණු පැමිණිලි මත අත්අඩංගුවට ගෙන තිබුණා.