නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ පුඩළුඔය නගරයේ පැවති රැස්විමකට සහභාගි වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සි.බි රත්නායක සභාව ඇමතිමට සුදානම් වු අවස්ථාවේ පාක්ෂිකයින්ගෙන් හූ ප්‍රහාරයක් සමඟ විරෝධයක් එල්ල වි තිබෙනවා.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය සදහා තරඟ කරන අපේක්ෂකයින් හඳුන්වාදිම සදහා මෙම රැස්විම සංවිධානය කර තිබු බවයි වාර්තා වන්නේ.
එහිදි පාක්ෂිකයන් කෑගසමින් පවසා තිබුණේ තමන් පැමිණියේ නාමල් රාජපක්ෂ මහතාගේ කතාව ඇසිමට පමණක් බව සහ සි.බි රත්නායක මහතාගේ කතාව ඇසිමට නොවන බවයි.
මඳ වේලාවක් එම උණුසුම් තත්ත්වය පැවති අතර පසුව නාමල් රාජපක්ෂගේ මැදිහත් විමෙන් පසු සි.බි රත්නායක රැස්විම අමතා තිබෙනවා.