නව රජය යටතේ වාහන ආනයනය සඳහා කොන්දේසි සහිතව අවසර ලබා දුන් පසු මේ වන විට වාහන ගෙන්වීම අර්බුදයට ගොස් ඇතැයි වාර්තා වෙනවා.
වාහන ගෙන්වීමේදී විදේශයේදී නිෂ්පාදන වර්ෂ සීමාව බලාපොරොත්තු වූවාට වඩා කෙටි වීම නිසා බලාපොරොත්තු වූ මිල අඩුවීම ලැබී නැති බැවින් වාහන මිලෙහි වැඩි වෙනසක් සිදුව නැහැ.
කෙසේ වෙතත්, වාහන ආනයන තහනම ඉවත් කිරීමට පෙර ලබා දී තිබූ ඇනැවුම් මේ වන විට අවලංගු කරන තත්වයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ. බදු සීමා ඉහළ දමා ඇති බැවින් මෙම තත්වය උද්ගත වී ඇති බව පැවසෙනවා.