Fri. Jun 27th, 2025

සජබෙ අපේක්ෂකයාට මිරිස් කුඩු ප්‍රහාරයක්

මොණරාගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කරන සමගි ජන බලවේගයේ අපේක්ෂක නීතිඥ ඉන්දික විජයබණ්ඩාරට සහ ඔහුගේ රියදුරුට ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් මොණරාගල රෝහලකට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය පවසන පරිදි මොවුන් දෙදෙනාට මිරිස් කුඩු සහ පොලු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

දඹගල්ල බූසලේ කන්ද ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

දඹගල්ල පොලිසිය පවසන්නේ පහර දුන් පුද්ගලයන් සම්බන්ධව විමර්ශන සිදු කරන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *