Sat. Jun 28th, 2025

මෙන්න කැම්පේන් නොකරන ජනාධිපති අපේක්ෂකයෝ

ජනාධිපති අපේක්ෂකයන් 19 දෙනකු මේ වන විටත් ජනාධිපතිවරණයට අදාළව කිසිදු ප්‍රචාරක කටයුත්තක් කර නොතිබූ බව තොරතුරු අනාවරණය වී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

ලංකාදීප වාර්තා කළේ ඒ සම්බන්ධයෙන් පැෆ්රල්  සංවිධානය ඊයේ (10) විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර ඇති බවයි.

ඒ අතරින් ඇතැම් අපේක්ෂකයින් පක්ෂ කාර්යාලයක් හෝ ඉදිකර නැතැයි තොරතුරු අනාවරණය වී ඇති අතර  සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා ගුවන් කාලය ලබාගෙන ඇත්තේ ද අපේක්ෂකයන් දස දෙනෙකු පමණක් බව ද රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙනවා.

ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ මෙවර ජනාධිපතිවරණය සඳහායි.

අපේක්ෂකයින් 38 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර ඒ අතරින් දැනට ප්‍රචාරක කටයුතුවල සක්‍රීයව දායකව සිටින්නේ 10 දෙනෙකු පමණක් බව වැඩි දුරටත් සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *