සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනයක් සඳහා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද (27) ඉන්දියාවට යාමට නියමිත වෙනවා.
ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සහභාගිත්වයෙන් නවදිල්ලි නුවර භාරත මණ්ඩපයේදී මෙම දේශනය හෙට (28 ) පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර්, ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ටෝනි ඇබට් යන අයද මෙහිදී දෙසුම් පැවැත්වීමට නියමිත වෙනවා.
හිටපු ජනපතිවරයා කෙටි කලක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන තෙවැනි අවස්ථාව මෙයයි.