Sat. Jun 28th, 2025

ජනපතිගේ ධුර කාලය ගැන ගත් කැබිනට් තීරණය

Jul10,2024

ජනාධිපති ධුර කාලය සහ පාර්ලිමේන්තු ධුර කාලය අවුරුදු 05 ක් ලෙස නීතිගත කරන ලෙසට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2), 62(2) සහ 83(ආ) යන ව්‍යවස්ථාවන්හි ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ පවත්නා කාලය සම්බන්ධයෙන් අනුකූලතාවක් පවතින බව නිරීක්ෂණය වීම හේතු කොටගෙනයි.

එහි දී ඒ පිළිබඳව වන සැකය මඟ හරවා ගැනීමට සහ කවර හෝ අනනුකූලතාවක් ඉවත් කිරීමට “සා අවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “පස් අවුරුද්දක් ඉක්මවා” යන වචන ආදේශ කිරීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවයි මෙලෙස අනුමැතිය හිමි වී තිබෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *