Sat. Jun 28th, 2025

යළිත් බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය

Jul30,2024

දේශීය වෙළඳපලේ බිත්තර මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා යළි බිත්තර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් බිත්තර මිලියන 224ක් ආනයනය කර තිබෙනවා.

ඉන් සියයට 95ක් සතොස අලෙවි ජාලය මගින් පාරිභෝගික ජනතාවට බෙදාහැරීමට කටයුතු කෙරුණා. ඒ රුපියල් 37ක මිලක් යටතේයි.

බිත්තර ආනයනය සදහා ලබාදී ඇති කාලසීමාව පසුගිය අප්‍රේල් 30 වනදායින් අවසන්වී තිබුණා.

ඒ අනුව එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් ඉලක්ක කර ගනිමින් වෙළෙදපොලේ බිත්තර මිල ස්ථායීව පවත්වාගෙන යාම සදහා බිත්තර ආනයනය කළ යුතු බවට යෝජනා කර තිබුණා.

ඒ අනුව වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *