විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් 2029 වසර වන විට පෙට්‍රල් හෝ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ ආනයනය තහනම් කරන බව රජය පවසනවා.
මේ සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
මෝටර් රථ ආනයනය නව මාදිලිවලට සීමා වන බවත් නිෂ්පාදනය කර වසර තුනකට අඩු මෝටර් රථ සහ ක්‍රීඩා මාදිලියේ වාහන (SUV) මෙන්ම නිෂ්පාදනය කර වසර පහට අඩු පොදු ප්‍රවාහන සහ වාණිජ කටයුතු සඳහා භාවිත කරන වාහන සඳහා ඇති තහනම ද ඉවත් කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
තව ද විශේෂ කාර්යයන් සඳහා සහ ආරක්ෂක කටයුතු සඳහා ආනයනය කරනු ලබන වාහන අවුරුදු දහයක් දක්වා පැරණි විය හැකියි.
එසේම ආනයනකරුවන් විසින් මෙම වාහන ආනයනය කර දින 90ක් ඇතුළත ලියාපදිංචි කර විකිණීමට අවශ්‍ය වන අතර සිදුවන ප්‍රමාදය සඳහා දඩ මුදල් අය කිරීමට නියමිතයි.
මීට අමතරව රජය මෝටර් රථ සහ අමතර කොටස් ආනයනය කරන්නන්, වාහන එකලස් කරන්නන් සහ වෙළෙඳුන් නියාමනය කිරීම සඳහා වාර්ෂික බලපත්‍ර ක්‍රමයක් ද හඳුන්වා දීමට ද නියමිතයි.