ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වන දෙවන උප වැඩසටහන යටතේ.
ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උප වැඩසටහන් 02ක් යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 400ක ප්‍රතිපත්ති පදනම් කර ගත් ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම සඳහා ඉකුත් පසුගිය වසරේ සැප්තැම්බර් 25 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව 2023 දෙසැම්බර් වන විට අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල පළමු උප වැඩසටහන සඳහා ලබා දී තිබෙනවා.
එහි දෙවන උප වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීම සඳහා පූර්ව ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් 12ක් සම්පූර්ණ කළ යුතු අතර මේ වන විට එකී ක්‍රියාකාරකම් බොහොමයක් සම්පූර්ණ කර හෝ සම්පූර්ණ කිරීමේ අවසන් අදියරේ පවතිනවා.