බස් රථයක් පැහැරගත් පිය පුතු දෙපළක් සොයා බිංගිරිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පිය පුතු දෙපළ බිංගිරිය නගරයේදී මඟ හරස්කොට බස් රථය පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා.
බස් රථයේ රියැදුරුට පහරදී ඉන් ඉවතට ඇදදමා පැහැරගෙන ගිය බස් රථය බිංගිරිය නගර ආසන්නයේ අතහැර ගොස් තිබූ බවද පොලිසිය සඳහන් කළා.
බස් රථයේ තිබූ බැටරිය, මීටර් බෝඩ් එක, රියදුරු බලපත් කොල්ලකා ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කළා.