නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට අයත් දොළුව ප්‍රදේශයේ පිහිටි නිවෙසේදී පාක්ෂිකයන් පිරිසකට රාත්‍රි භෝජන සංග්‍රහයක් ලබාදෙන බවට ලද තොරතුරක් මත 24 වන දා එම ස්ථානයට ගිය මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් අහාරපාන ලබාදීම අත්හිටුවන ලෙස දැනුම් දී තිබෙනවා.
අදාළ නිවෙස පරීක්ෂාවට ලක්කර තිබෙන්නේ ට්‍රාස්ප්‍රේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මඟින් ලබාදුන් තොරතුරකට අනුවයි.
මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් ගම්පොළ පොලිසියේ නිලධාරීන් සමඟ අදාළ ස්ථානයට යන විට 100 දෙනකුට පමණ බුෆේ ක්‍රමයට ආහාර ලබාදීමට සූදානම් කර තිබුණා.
එම අවස්ථාවේ හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න නිවෙසේ නොසිටි බවත් පාක්ෂිකයන්ට සංග්‍රහ කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව ඔහුගේ බිරියට පහදා දුන් බවත් මැතිවරණ කාර්යාලය පවසනවා.
මෙම රැස්වීමට ගම්පොළ හා ඒ අවට ගම්මාන රැසක පදිංචිකරුවන් සිය ගණනක් බස් රථවලින් රැගෙන පැමිණ තිබෙන බවයි අනාවරණය වන්නේ.