Mon. Apr 28th, 2025

අය-වැය හිඟය පියවන්නේ ණය අරන් : ආණ්ඩු මන්ත්‍රී

Feb25,2025 #news #sl economy #slpolitics

මෙවර අය-වැයේදී මතුවන හිඟය පියවීම සඳහා දේශීය සහ විදේශීය වශයෙන් ණය ගන්නා බව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර සඳහන් කරනවා.

ඔහු කියා සිටියේ මෙම අය-වැය ජනතාවට විශ්වාස කළ හැකි එකක් බවයි.

අය-වැය දෙවැනි වර කියවීමේ විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේ සඳහන් කළා.

“2025 වසරේදී ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 4,990ක්. බදු ආදායම් හැටියට රුපියල් 4,590ක්, බදු නොවන ආදායම් හැටියට රුපියල් බිලියන 370ක්, ප්‍රදානයන් හැටියට රුපියල් බිලියන 30ක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 8,835ක්.

ඉතිරිය අපි පියවගන්න බලාපොරොත්තු වෙනවා දේශීය හා විදේශීය ණය මුදල්වලින් ඒ නිසා මේ අයවැය හිඟය පියවන එක එහෙමත් නැත්නම් මේ අයවැය කළමණාකරණය කරගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් විපක්ෂයේ ඉන්න කවුරුත් කලබල වෙන්න ඕනේ නෑ”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *