Sat. Jun 28th, 2025

මාලිමා මන්ත්‍රී ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට

Feb14,2025 #news #slpolitics

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් ගමන් ගත් වාහනය වෙන්නප්පුව ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසනවා. අනතුරට පත් පුද්ගලයා මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

මෙම අනතුර සිදුවන විට මන්ත්‍රීවරයාගේ රියදුරු ලෙස කටයුතු කළ ඔහුගේ සොහොයුරා කොස්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *