Sun. Jun 29th, 2025

බ්‍රිතාන්‍යය අගමැති විශේෂ රැස්වීමක් කැඳවයි

Aug5,2024

බ්‍රිතාන්‍යයේ හටගෙන ඇති නොසන්සුන්තා මැඩලීම සඳහා අග්‍රාමාත්‍යවරයා විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ නගර රැසක මෙම සති අන්තයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් පුද්ගලයින් 150 කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්වුණා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර්, රොදර්හැම් හි සරණාගතයින් නවාතැන් ගන්නා හෝටලයකට එල්ල වූ ප්‍රහාරය හෙළා දැකීමෙන් පසුව ඊට සම්බන්ධ වූවන්ට නීතියේ උපරිම ලෙස ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වීමෙන් පසුවයි මෙම තත්ත්වය ඇතිව තිබෙන්නේ.

බ්‍රිතාන්‍යයේ ටැම්වර්ත්, මිඩ්ල්ස්බ්‍රෝ, බෝල්ටන්,හල් හා වේමවුත් යන ප්‍රදේශ වල මෙම විරෝධතා වාර්තා වනවා.

ඊයේ ජාතිය අමතමින් ප්‍රචණ්ඩ කාරීන් නීතිය ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය ඕනෑම දෙයක් සිදු කරන බවට අගමැතිවරයා පොරොන්දු වී තිබෙනවා.

අද පැවැත්වෙන විශේෂ රැස්වීමෙන් පසු ගන්නා නීතිමය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *