Sun. Jun 29th, 2025

Breaking News : ජනපති රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනපතිවරණයට

Jul26,2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිරවණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වනවා.

ඒ සඳහා වන ඇප මුදල් තැන්පත් කිරීම අද උදෑසන සිදු කෙරුණා.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ පළමු අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා මහතා ප්‍රමුඛ නීතීඥ කණ්ඩායමක් විසිනුයි.

අද උදෑසන මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වෙත පැමිණ ඔවුන් එම ඇප මුදල් තැන්පත් කිරිම සිදුකළා.

මේ අතර ජනාධිපතිවරණය සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කෙරුණේද අද උදෑසනයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *