පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ එකඟතාව පළ වූ බව වෙළඳ අමාත්යංශය පවසනවා.
එම අමාත්යංශය නිකුත් කළ නිවේදනයකට අනුව සඳහන් වන්නේ පාන් පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු වීම නිසා මෙලෙස පාන් මිල අඩු කිරීමට බේකරි නිෂ්පාදකයන් එකඟ වූ බවයි.
ගෑස් සහ තෙල් මිල අඩු වූවද බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට බේකරි නිෂ්පාදකයන් පසුගිය අවස්ථාවල කටයුතු කළේ නැහැ. ඒ අනුව ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 120 දක්වා පහත බසිනු ඇති.