Thu. May 1st, 2025

ලොක්කන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කර ගැසට් නිවේදනයක්!

Oct3,2024 #economy #news #slpolitics

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරමින් අතිවි‌ශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට හෝ විශ්‍රාම වැටුප් නොලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති පී. නන්දලාල් වීරසිංහ විසින් පසුගිය සැප්තැම්බර් 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදියි.

මෙපරිදිම තීරණයක් 1998 වසරේදී ගෙන තිබු අතර 2015 දී යළි එය අහෝසි කෙරුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *