උත්සව සමය ඉලක්ක කරගනිමින් මිනිස් පරිභෝජනයට නුසුදුසු සහ කල් ඉකුත් වීමට ආසන්න ආහාර වර්ග කූඨ ව්‍යාපාරිකයන් විසින් වෙළෙඳපොලට නිකුත් කිරීමේ ඉඩක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.
භාණ්ඩ මිලට ගැනීමේදී ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. උත්සව සමය වෙනුවෙන් ඉදි කෙරෙන තාවකාලික වෙළඳසැල්වලින් භාණ්ඩ මිලට ගැනීමේදී සැලකිලිමත් වන්නැයි ද ඔහු තවදුරටත් පවසනවා.
ඒ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 2000කට ආසන්න සංඛ්‍යාවක් යොදවා දිවයින පුරා වෙළෙඳසැල් අඛණ්ඩව පරීක්ෂාකරන බවද වාර්තා වෙනවා.