ජූලි මස 06 වැනිදා සිට ජූලි 22 වැනිදා දක්වා කතරගම ප්‍රාදේශී ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති සුරාසල් වසා තැබීමට තීරණය කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.
ඒ, රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.
මොනරාගල දිස්ත්‍රික් ලේකම්, ඇසළ පෙරහර කඳවුර භාර නිලධාරි පසන් රත්නායක මහතා කියා සිටියේ, බලපත්‍රලාභී සුරාසල් උත්සව කාලය තුළ වසා දැමීම සඳහා සුරාබදු කොමසාරිස්වරයා දැනුවත් කළ බවයි.