ජනපති අනුර කුමාර දිසානායක සිය පළමු නිල විදෙස් සංචාරය ලෙස අද (15) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතයි.
මෙම සංචාරයේදී ජනපතිවරයා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි, ජනපතිනිය දෞපදී මුර්මු ඇතුළු ඉහළ පෙළේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
විදේශ අමාත්‍ය විජිත හේරත් සහ නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත යන අයද සංචාරයට එක් වෙනවා.
ජනපතිවරයාගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් එරට වීදිවල ඔහුගේ පින්තූර සහිත කටවුට් හින්දි සහ සිංහල භාෂාවෙන් මුද්‍රණය කර එල්ලා තිබෙන බව වාර්තා වෙනවා.

