බන්දුල ලාල් බණ්ඩාරිගොඩ 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නා.
ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරට සිය පාර්ලිමේන්තු අසුන අහිමි වීම හේතුවෙන්.
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 09 වනදා තීන්දු කළා.
කෙසේ වුවත් හරීන් ප්‍රනාන්දුගෙන් හිස් වී ගිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට වෙනත් අයෙකු පත් කිරීම ගැන සමගි ජන බලවේගය මේ වන තුරු තීන්දුවක් ගෙන නැහැ.