Sun. Apr 27th, 2025

නිවසේ පාඩම් කරමින් සිටි පුතුට පියාගෙන් පොළු පහරක් – පියා වස බීලා – පිහි ඇනුමකින් මවත් නූලෙන් බේරෙයි

Mar6,2025 #balangoda

බලංගොඩ ප්‍ර්දේශයේ දී පසුගිය මාර්තු 4 වන දින රාත්‍රියේ දී පියෙකු විසින් පොල්ලකින් පුත්‍රයාට පහරදී ඇති අතර, පසුව පියා ද වස පානය කර තිබෙනවා.

බරපතළ තත්ත්වයෙන් සිටි දෙදෙනාම බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර පුත්‍රයාගේ තත්ත්වය බරපතළ වන බැවින් ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙනවා.

පියා සහ මව නිතර ආරවුල් ඇති කරන්නා අතර, එදින පියා විසින් මවට පිහියකින් පහරදීමට උත්සාහ දරා ඇති බවත් එය ව්‍යර්ථ වී ඇති බවත් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

පියාගේ පොලු පහට කෑ පුතු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන 23 හැවිරිදි අයෙක්. ඔහු නිවසේ සාලයේ පාඩම් කරමින් සිටින අතරතුර පියා විසින් මෙලෙස පොල්ලකින් පහර දී ඇති බවයි පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ.

බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍යයා දිල්රැක්ෂි මෙනවිය රෝහලට ගොස් ඊයේ (05) නියෝග කර තිබුණේ ඔහුව එළැඹෙන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඒ අනුව පියා මේ වනවිට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ තවදුරටත් බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තුවාල ලැබූ සරසවි සිසුවාගේ මව මෙසේ පැවසුවා.

“මම වෙනදාටත් විහිළුවක් කරගෙන එන්නේ. පුතේ පාඩම් කරනවා ද නිදිද කියලා ඇහුවා. සද්දයක් නෑ.

මම ගෙට යනකොටම අරයා දොර මුල්ලේ ඉඳලා මගේ ඇඟට ඇන්නා පිහියක් අරන්. මම ගෙට එනකල් අපේ කාමරේ හැංඟිලා ඉඳලා තියෙන්නේ.

මම එළියට පැන්නා. අත තමා තුවාල වුණේ. මම ළමයා දැක්කේ නෑ. එතකොට ගොඩක් අය ඇවිත් හිටියා. එයාලා කිව්වා ලේ විලක් තියෙනවා කවුද දන්නේ නෑ කියලා. රාළහාමිලා මෙතෙන ඉන්නකොට ට්‍රොලියට දැම්මා. එතකොට මම පුතේ කිව්වහම ඇස් දෙක ඇරියා.”

සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *