Sat. Jun 28th, 2025

ඥානසාර හිමිට ඇප

Jul18,2024

බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කළා.

ඒ ඥාණසාර හිමියන් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි.

2016 මාර්තු 30 වනදා කූරගල විහාරස්ථානය පිළිබඳ මාධ්‍ය හමුවකදී ආගම් අතර සමගිය කඩවන සේ ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබුණා.

මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා චෝදනා දෙකක් ගොණු කර තිබුණා.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වන මුජිබුර් රහුමාන් සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි යන අය ගොණු කළ පැමිණිල්ලකට අනුවයි.

ඊට වරදකරු කෙරුණු ඥාණාසාර හිමියන්ට වසර 04 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *