අද (15) දිනයේ නැගෙනහිර පළාතට ගිගුරුම් සහිත වැසිද මධ්‍යම, සබරගමුව, දකුණු පළාතට තද වැසිද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු කලාපයේ අඩු පීඩන තත්වයක් ඇති විය හැකි බැවින් කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් පසුගිය දා පැවති සුළි කුණාටුව පහව ගොස් වැඩි කාලයක් ගතව නැතත් යළි කාලගුණය අයහපත්ව තිබෙනවා.
ඒ් අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත්තේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් වෙනුවෙනුයි.
බදුල්ල – ඇල්ල, පස්සර, හාලිඇල, හපුතලේ, මහනුවර-මැදදුම්බර, පාතදුම්බර, කුරුණෑගල-රිදීගම, මාතලේ-අඹන්ගහකෝරළය, රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.