Sat. Jun 28th, 2025

සජබෙ ඇතුළෙන් හර්ෂට කැපිල්ලක්

සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාට මේ වන විට පක්ෂ නායකත්වයෙන් කෙනෙහිලිකම් රැසක් සිදුවන බව වාර්තා වනවා.

මීට හේතුවී ඇත්තේ ජනාධිපතිවරණ පරාජයෙන් පසුව පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවූ සාකච්ඡා කිහිපයකදී එළැඹෙන මහමැතිවරණය සඳහා හර්ෂ ද සිල්වාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ගත් උත්සහයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

එහිදී අනෙක් පක්ෂවල ද සහය ලබාගත හැකි පුද්ගලයෙකු ලෙසත් ආර්ථිකය පිළිබඳව මැනවින් දන්නා විශේෂඥයෙකු ලෙසත් ජනතාවගේ කැමැත්ත මෙන්ම අනෙක් පක්ෂවල ද සහය හර්ෂ ද සිල්වා හට ලබාගත හැකි යැයි පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම සජිත් ප්‍රේමදාස යෝජනා කර තිබෙනවා.

ඊට සජිත් ප්‍රේමදාස සහ පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයන් කිහිප දෙනෙක්ම දැඩිව විරෝධය පලකර ඇති අතර පක්ෂය තුළ අභ්‍යන්තර කුමන්ත්‍රණ සිදුකරමින් එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවන් ඉෂ්ඨ නොකර සිටින්නැයි ඔවුන්ට දැඩිව අවවාද කර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *