හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කර ඇති ඉල්ලීමට නීතිපතිවරයා ලිඛිතව සිය විරෝධතා භාරදුන්නා.
ඒ කොළඹ මහාධිකරණය හමුවේයි.
තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව වැරදිකරු කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ වන විට බරපතළ වැඩ සහිත වසර 3ක සිරදඬුවම් විදිමින් සිටිනවා.
ඊට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති අභියාචනය විභාග කොට තීන්දුවක් ලබාදෙන තුරු ඇප මත මුදා හරින ලෙසයි ඇය ඉල්ලා ඇත්තේ.
එම ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයි නීතිපතිවරයා ඊට විරෝධතාව පළ කළේ.