Wed. Apr 30th, 2025

අවධානයට : හෙට කාලගුණය ගැන අද නිවේදනයක්!

Nov26,2024 #2024 #news #weather report

දිවයින පුරා දිස්ත්‍රික්ක 12ක දැඩි අයහපත් කාලගුණ තත්වයක් මතුව ති‍බෙනවා. නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති අවපීඩන තත්වය ගැඹුරු තත්වයක් දක්වා වර්ධනය වන බවයි පැවසෙන්නේ.

මෙය හෙට (26) දිනයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙතැයි යි දිවයිනේ නැගෙනහිර වෙරළ ආසන්නව ගමන් කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ දක්වන්නේ.

මේ හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වළාකුළුවලින් බරව අඳුරුව තිබෙන අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඉතා තද වැසි සහ තද සුළං ඇති වෙතැයි අනුමාන කෙරෙනවා.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිලිමීටර් 200 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද පැවසෙනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100 පමණ වැසි බලාපොරොත්තු විය හැකියි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *