Sat. Jun 21st, 2025

ආරුගම්බෙට ප්‍රහාරයක් : අමෙරිකාව සහ එංගලන්තය අනතුරු අඟවයි

Oct23,2024 #arugam bay #threat #tourism #usa #warning

ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරනවා.

මෙම තර්ජනයෙන් එල්ල වී ඇති බරපතල අවදානම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ වෙත යාමට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් අමෙරිකානු පුරවැසියන්ට ගමන් තහනමක් පනවා තිබෙනවා.

නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කරනවා.

ආරුගම්බේ ප්‍රදේශය සඳහා අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු ඇඟවීම මත පදනම්ව බ්‍රිතාන්‍ය රජය විසින් ද ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *