පැවැත්වීමට ජනාධිපතිවරණය හරහා නායකයෙකු පත් කරගැනීමේ කාර්යයට හවුල් වීමෙන් වැළකී සිටින්නට යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ මව්වරුන් තීරණය කර තිබෙනවා.
අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගම්වලට නායකත්වය දෙන දෙමළ මව්වරු පෙන්වා දෙන්නේ ජනාධිපති ලෙස කවුරුන් පත් වුවත් යුද්ධයෙන් බැට කෑ දෙමළ ජනයාට යුක්තිය ඉටු නොවන බවයි.
යුද සමයේත්, ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර සහාය ඉල්ලා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ පවත්වාගෙන යන යුද වින්දිත මව්වරුන්ගේ දීර්ඝතම අරගලයට සමගාමීව අගෝස්තු මස 30 වැනිදා පැවැත්වෙන් උතුරු, නැගෙනහිර දෙපළාතේ විරෝධතාවලට දෙමළ ප්‍රජාවගේ සහාය ඉල්ලීම වෙනුවෙන් මුලතිව්හි පැවැති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා.
සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වෙන ජනාධිපතිවරණය පිළිබදව ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදීන් විමසු පැනයට පිළිතුරු දෙමින් බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ මුලතිව් දිස්ත්‍රික් සභාපතිනි මරියසුරේෂ් ඊශ්වරී මාතාව කියා තිබුනේ ජනාධිපති ඡන්දයක් ගැන විමසීමේදී ඇති වන්නේ අප්පිරියාවක් බවයි.
“බලහත්කාරයෙන් අතුරුදහන් කරපු අයගේ නෑදෑයන්ට මේ තාක් කල් ජනාධිපතිලගෙන් හරි, දේශපාලන නියෝජිතයන්ගෙන් හරි කිසිම විසඳුමක් ලැබිලා නැහැ. මෙහෙම තත්වයක් තියෙද්දී ඕගොල්ලෝ ජනාධිපති ඡන්දයක් ගැන අහනකොට අපිට ඇතිවෙන්නේ මහ අප්පිරියාවක්.” යනුවෙන් ඇය පවසා තිබෙනවා.