ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 08 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සමත් වී තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාව සහ එංගලන්ත අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන්.
ස්ථාන 09කින් ඉදිරියට පැමිණ තිබෙන අසිත ප්‍රසාද ලකුණු 734ක් ලබා තිබෙනවා.
ප්‍රසාද ලකුණු 694ක් ලබා සිටින ප්‍රභාත් ජයසුරිය ස්ථාන 04කින් පසුබසිමින් 13 වැනි ස්ථානයේ පසු වෙනවා.
පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති දෙවන ටෙස්ට් තරඟයේදී ඉනිම් දෙකේදීම ශතක රැස් කළ ජෝ රූට් ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමවල තමන් ලබා සිටි පළමු ස්ථානය තව දුරටත් තහවුරු කරගෙන සිටිනවා. ඒ ප්‍රසාද ලකුණු 922ක් ලබා ගනිමින්.
ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල දෙවන තැන රැඳී සිටින කේන් විලියම්සන් සහ ජෝ රූට් අතර ප්‍රසාද ලකුණු 63ක වෙනසක් තිබීම විශේෂත්වයක්.