Sun. Jun 29th, 2025

ආසියා කොටස් වෙලඳපොළට වුණු දේ

Aug5,2024

ගෝලීය ආර්ථික කඩාවැටීම හේතුවෙන් ආසියා කොටස් වෙලඳපොළඳ කඩා වැටීමකට ලක්ව තිබෙනවා.

පසුගිය සතියේ ලොව පුරා ප්‍රධාන දර්ශක විශාල පහත වැටීමෙන් පසු ආසියා කොටස් වෙලඳපොළ කඩා වැටීමකට ලක්ව තිබෙනවා.

ජපානයේ නික්කෙයි හා ටොපික්ස් දර්ශක දෙකම 10% කට වඩා අඩු අගයක් ගත්තා.

කෙසේ වෙතත් ජපාන යෙන් මුදල් ඒකකය පසුගිය මාසය තුළ ඇමරිකා ඩොලරයට සාපේක්ෂව 9% කින් පමණ ශක්තිමත් වී තිබෙනවා.

තායිවානයේ ප්‍රධාන කොටස් දර්ශකය හා දකුණු කොරියාවේ කොස්පි යන දර්ශක දෙකම 8% ට වඩා පහත වැටුණා.

ඉන්දියාවේ ප්‍රධාන කොටස් දර්ශකය වන නිෆ්ටි 1.8% ට වඩා අඩු අගයක් ගත්තා.ඕස්ට්‍රේලියාවේ ඒ එස් එක්ස් දර්ශකය 2% කින් පහත වැටුණා.

හොංකොං හි 1.4% කින් පහත වැටුණු අතර ෂැංහයි කොටස් හුවමාරුව සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *