එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් පාලිත රංගෙ බණ්ඩාර ඉවත් කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආශු මාරසිංහ පවසනවා.
පුද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වු දේශපාලන වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
කෙසේ වුවත් පක්ෂයක් ලෙස අවශ්‍යතාවය සළකා බලා එවන් තීන්දුවකට එළඹීමට අයිතියක් ඇති බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.