ප්‍රකට යූටියුබ් නිර්මාණකරුවෙකු වන අශේන් සේනාරත්න ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නඩුවක් ගොනු කළ බවට වාර්තා වෙනවා. තම ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණයට එරෙහිව ඔහු උපරිමාධිකණයේ පිහිට පැතීමට තීරණය කර ඇති බවයි දැනගැනීමට ඇත්තේ.
මෙවර මහමැතිවරණයට ස්වාධීන කණ්ඩායමක් මගින් ඉදිරිපත් වෙන බව සේනාරත්න ප්‍රකාශ කළා. කෙසේ වෙතත් නීතියට පටහැණි අයුරින් වෙනත් අයෙකු විසින් එම කණ්ඩායමේ නාමයෝජනා ඉදිරිපත් කරන ලද පවසමින් කොමිසම විසින් ඔහුගේ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කළ අතර, ඔහු සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් ඉදිරිපත් කරමින් එයට විරෝධය පළ කරනු ලැබුවා.
මෙම නඩුව ලබන සතියේ විභාගයට ගැනෙනු ඇතැයි අධිකරණ ආරංචිමාර්ග කියා සිටියා.