Sat. Jun 28th, 2025

ඉතිහාසයේ පළමු වරට CID මුල් පුටුවට කාන්තාවක්

ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ පළ­මු­ ව­රට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) අධ්‍ය­ක්ෂ ­ධුරයට කාන්තා නිල­ධා­රි­නි­යක් පත්කි­රී­මට යෝජනා වී තිබෙනවා.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) ප්‍රථම කාන්තා නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස මේ වන විට සේවයේ නිර­තව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ඉමේෂා මුතු­මාලගේ නම මෙසේ යෝජනා වී තිබෙන බව පොලිස් අභ්‍ය­න්තර තොර­තුරු උපුටා දක්වමින් ‘දිනමිණ’ වාර්තා කරනවා.

ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ ප්‍රථම ආධු­නික කාන්තා සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යන් තිදෙනා අත­ර ද සිටින ඉමේෂා මුතු­මාල ආධු­නික සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස පොලිස් සේව­යට එක්වන්නේ 2007 වසරේ නොවැ­ම්බර් 03 වැනි­දායි.

2017 වසරේ මාර්තු 23 වැනිදා පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස උසස් වීම් ලැබූ ඇයට ශ්‍රී ලංකා පොලි­සියේ පොලි­ස්පති ධුරය කාන්තා නිල­ධා­රීන්ට විව­ර ­වන්නේ නම් එම තන­තුර දක්වා ඉහ­ළට යාමට හැකි­යාව ද පවතිනවා.

ඇය වයස අවු­රුදු 60න් පොලිස් සේව­යෙන් විශ්‍රාම ගැනී­මට නිය­මි­තව සිටින්නේ 2041 වස­රේ­දී.

ඇය රුහුණු විශ්ව­වි­ද්‍යා­ල­යෙන් විද්‍යා­වේදී උපා­ධිය (BSc) සහ විවෘත විශ්ව­වි­ද්‍යා­ල­යෙන් නීති­වේදී (LLB) උපා­ධිය ලබා ගත්තා.

පොලිස් සේව­යට එක්වී­මෙන් අන­තු­රුව නුගේ­ගොඩ පොලිස් කොට්ඨා­සයේ සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස සේවයේ නිර­තව සිට ඇති ඉමේෂා මුතු­මාල පොලිස් නිෂ්කා­ශන අංශ­යේත් කලක් සේවය කර තිබෙනවා.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශ අධී­ක්ෂණ නිල­ධා­රි­නිය ලෙස ද ඇය කලක් කට­යුතු කර තිබු­ණා.

ඇයව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස පත්ක­රනු ලබන්නේ 2021 වසරේ ජූනි මාස­යේ­දී.

පොලිස් සේව­යට එක්වී­මෙන් අන­තු­රුව අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ හවායි පොලිස් අභ්‍යාස විද්‍යා­ලයේ අර්බුද කළ­ම­නා­ක­රණ පාඨ­මා­ලාව ද තායි­ල­න්තයේදී FBI ආය­ත­නය මගින් පව­ත්වන මුදල් විශු­ද්ධි­ක­රණ වැළැ­ක්වීමේ පාඨ­මා­ලාව ද මැලේ­සි­යාවේ රාජ­කීය පොලිස් ඇක­ඩ­මියේ ප්‍රජා පොලි­ස්ක­ර­ණය පිළි­බඳ පාඨ­මා­ලාව මෙන්ම ඉන්දි­යාවේ හයි­ද්‍රා­බාද් පොලිස් ඇක­ඩ­මියේ ප්‍රජා පොලි­ස්ක­ර­ණය පිළි­බඳ පාඨ­මා­ලාව ද ඇය හදාරා තිබෙනවා.

මේ හැරුණු කොට ඉන්දි­යාවේදී අන්ත­ර්ජාල අප­රාධ පිළි­බඳ පාඨ­මා­ලාව ද ඇය හදාරා තිබෙනවා.

ඉමේෂා මුතු­මාල අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස යෝජ­නා­ වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය පොලි­ස්පති ධුර­යට මේ වන විට නියෝජ්‍ය පොලි­ස්පති පී. අම්පා­විල නම් කර තිබෙන බව වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *