Sat. Jun 28th, 2025

බිඳ වැටුණු බලාපොරොත්තු

Aug2,2024

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදුවු දැවැන්ත නායයාමෙන් මිය ගිය සංඛ්‍යාව 200කට ආසන්න වීමත් සමග දිවිගලවාගත් අය සෙවීමේ අපේක්ෂා බිඳ වැටී ඇති බව එරට මාධ්‍ය සඳහන් කරනවා.

ධාරානිපාත වර්ෂාවත් සමග කේරළ ප්‍රාන්තයේ පසුගිය දා සිදුවු මෙම නායයාමෙන් මිය ගිය සංඛ්‍යාව 194ක් බවටයි වාර්තා වී ඇත්තේ.

ජීවතුන් අතර සිටින අය සොයා මඩ සහ සුන්බුන් අතර අඛණ්ඩ මෙහෙයුම් සිදුකළ ද පනපිටින් සිටින කිසිවෙකුත් හමු නොවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

අතුරුදන් වු 180කට වැඩි පිරිස අතර ජීවතුන් අතර සිටින අය සොයා ගැනීමේ බලාපොරොත්තු සුන් වී තිබෙනවා.

2018 වසරෙන් පසු එම ප්‍රදේශයේ ඇති වු දරුණුතම ව්‍යයසනය මෙය බවයි වාර්තා වන්නේ.

නායයාම් සිදුවු ප්‍ර දේශයේ සිට ගලා බසින ගංගාවේ කිලෝ මීටර 30ක් පමණ පහලට ගසා ගෙන ගොස් තිබු සිරුරු 40ක් හමුවී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *