Sat. Jun 28th, 2025

අත් දෙක එකතු කරලා අරන්දික ස්වාධීන වෙයි

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කරන බව අද දැනුම් දුන්නා.

අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හැකිනම් එක්ව කටයුතු කරන ලෙසයි.

ඔහු වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කළා.

“පැරදුනාම කියනවා නම් නැවත වතාවක් විනාශකාරී තැනකට ගේන්න අරගල කරන්න, පාර්ලිමේන්තු ගිනිතියන්න කතා කරනවා නම්, මම අද ඉඳලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදියට මේ රට විනාශකාරී කණ්ඩායම පරාජය කරන්න පුළුවන් අයත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. මම කවදාවත් මම සජිත් ප්‍රේමදාස මහත්තයාව හම්බවෙලාවත් නෑ. අග්‍රාමාත්‍යතුමා දන්නවා අපි මේ වැඩ කරන්නේ සත්භාවයෙන්. මේ විනාශයන් වෙන වෙලාවේ මම අත්දෙක එකතු කරලා ඉල්ලනවා පුළුවන් නම් විපක්ෂ නායකතුමයි ජනාධිපතිතුමයි එකතු වෙන්න. පුළුවන් නම් මේ කණ්ඩායම් දෙක එකතු කරන්න. මම අවසාන වශයෙන් එකක් කියනවා මම අද ඉඳලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ අශුද්ධ සංවිධානයට විරුද්ධව පරාජයට පත්කරන්න පුළුවන් ඕනෑම කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා කියලා.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *