Wed. Apr 30th, 2025

ගුරුවරුද මේ තිරිසන්නු ද?

Nov17,2024 #education #news #police

පාසලේ දී පහරදී අව්වේ දණ ගස්වා තිබියදී දැඩි ලෙස රෝගාතුර වී මාස තුනක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 16 හැවිරිදි සිසුවියක් මරණයට පත්ව තිබෙනවා. මෙම සිදුවීම වෙන්නප්පුව මාටින්ද පෝරස් විද්‍යාලයේදී සිදුව ඇති බව සඳහන්.

මෙම මරණයට සැකපිට එම විදුහලේ ගුරුවරියන් වන 57 හැවිරිදි කතක් සහ 39 හැවිරිදි කතක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ, වෙන්නප්පුව කේ.එම්. රමේෂා දිනිති නම් දැරියක්. මෙම දැරිය මාස තුනක් තිස්සේ ප්‍රතිකාර ලබමිනුයි පසුව ඇත්තේ.

විනය හේතූන් මත යැ යි කියමින් මේ සිසුවියටත් තවත් සිසුවියකටත් අතින් පයින් සහ කොසු මිටිවලින් පහර දී අව්වේ දණ ගස්වා තිබුණු බව පොලිසියට තොරතුරු ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මරණ පරීක්ෂණයෙන් හෙළිව ඇත්තේ මොළයට අභ්‍යන්තර ලේ වහනයක් සිදුව ඇති නිසා මෙම මරණය සිදුව ඇති බවයි.

පහරදීමෙන් පසු ප්‍රකාශයක් ගැනීම සඳහා වෑයම් කළ ද ඇගේ තත්වය නිසාවෙන් පොලිසියට එම කටයුත්ත කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

එම වකවානුවේම අත්අඩංගුවට ගත් උක්ත ගුරුවරියන් පසුව ඇප මත මුදා හැරුණා. මෙම මරණයෙන් පසු මේ ගුරුවරියන් දෙදෙනා නැවත අත්අඩංගුවට ගත් බවයි වෙන්නප්පුව පොලිසිය පවසන්නේ.

මෙවැනි තිරිසන් අපරාධ සම්බන්ධයෙන් සැලකීමේදී ගුරු වෘත්තියට පුද්ගලයන් බඳවා ගැනීම ගැන ගැඹුරින් සලකා බැලිය යුතු බව බොහෝ දෙනා පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *