අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට අලුත් කඩේ 03 වැනි මහේස්ත්‍රාත් අධිකරණයේ ආරච්චි ලෙස කටයුතු කළ අය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් ග්‍රෑම් 10ක් සහ මිලිග්‍රෑම් 300ක් ළඟ තබාගෙන සිටියදී වැල්ලම්පිටිය පොලිසිය මගින්.
මෙම උසාවි නිලධාරියා බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ලබාගෙන ඔහු පදිංචි කහවත්ත ප්‍රදේශයේ අලෙවි කළ බවයි අනාවරණය වී ඇත්තේ. ඔහු වයස අවුරුදු 32ක අයෙක් බව වාර්තා වනවා.