Sat. Jun 28th, 2025

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීමට අනුමැතිය

Jul30,2024

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

කොළඹ වරාය නගරයේ ව්‍යාපාරවල යෙදීමට බලාපොරොත්තු වන ආයෝජකයින් විසින් පෙන්වා දී ඇති ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා පවතින බාධාවන් ඉවත් කරමින්, ගෝලීය වශයෙන් තරගකාරී විශේෂිත ආර්ථික කලාපයක් ලෙස කොළඹ වරාය නගරයේ ශක්‍යතාව ඉහළ නැංවීමට හැකි වන පරිදි කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ සංශෝධන ඇතුළත් කරමින් 2021 අංක 11 දරණ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ආයෝජන ප්‍රර්වධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *