Sat. Jun 28th, 2025

නාගරික සංවර්ධන සැළසුම් අනුමත කිරීමේ දී අවශ්‍ය අනුමැතිය

Jul29,2024

නාගරික සංවර්ධන සැළසුම් අනුමත කිරීමේ දී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය අනිවාර්ය කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ජනතාවට ඵලදායී ලෙස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම උදෙසා එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

නාගරික සංවර්ධන හා නිවාස ආමාත්‍යංශයේ උපදේශක කාරක සභා රැස්වීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

කොලොන්නාව නගර සභාවේ කැළිකසල කෙරවලපිටියට යැවීම සදහා අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මෙහිදී ඉල්ලීමක් කළා.

ඒ සම්බන්ධයෙන් අවදානය යොමුකර වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. තවත් ව්‍යාපෘති කීපයක් සම්බන්ධයෙන් උපදේශක කාරක සභාවේ අවදානය යොමුවුණා.

රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *